පටිච්චසමුප්පාදයට අත්පොත 1
පටිච්ච සමුප්පාදය යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ප්රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ දුකින් දුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.පටිච්ච සමුප්පාදය යනු අවිද්යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.