කළු ගොනා සහ සුදු ගොනා බැඳී රැහැන

  • Home
  • කළු ගොනා සහ සුදු ගොනා බැඳී රැහැන

කළු ගොනා සහ සුදු ගොනා බැඳී රැහැන

බැඳීම (සංයෝජනය) යනු මොකක්ද? | සංයෝජන සූත්‍රය (04-09-2026) බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ගැඹුරු සත්‍යයක්. ඇස රූපයට සංයෝජන නොවේ. රූපය ඇසට සංයෝජන නොවේ. ඒ දෙක නිසා උපදින ඡන්දරාගයයි සංයෝජනය. මෙම සංයෝජන සූත්‍රය තුළ චිත්ත ගැහැවි කළු ගොනා සහ සුදු ගොනාගේ අපූරු උපමාවක් භාවිත කරමින් “බැඳීම” යනු කුමක්දැයි ඉතා පැහැදිලිව විස්තර කරයි. 👁️ ඇස – රූපය 👂 කන – ශබ්දය 👃 නාසය – ගඳ 👅 දිව – රස 🤲 කය – පොට්ඨබ්බ 🧠 මන් – ධම්ම මේවා අපේ ජීවිතයේ සාමාන්‍ය අත්දැකීම්. නමුත් මේවයේ බැඳීම (සංයෝජනය) ඔබට වෙන් කර ගත හැකිද? 📱 Facebook එකට මම බැඳිලාද? 🍚 රසවත් ආහාරයට මම බැඳිලාද? ❤️ පුද්ගලයන්ට මම බැඳිලාද? 💰 මුදලට මම බැඳිලාද? 🏆 ගෞරවයට සහ පිළිගැනීමට මම බැඳිලාද? 💭 මගේම අදහස්වලට මම බැඳිලාද? බැඳීම ඇතිවන්නේ කොහොමද (මොනවා නොදන්නා කමින්ද) කියලා හඳුනාගන්න පුළුවන් නම්, මිදීමේ මාර්ගයත් අපට දැකගන්න පුළුවන්. මෙම දේශනාව අවසානයේ ඔබෙන්ම එක ප්‍රශ්නයක් අහන්න: “සංයෝජනීය ධර්ම වලට සංයෝජනය ඇති වන්නේ ඇයි?” 🙏 මෙම ධර්ම සාකච්ඡාව ඔබට වැදගත් නම් Like කරන්න, Comment එකකින් ඔබේ අදහස බෙදාගන්න, තවත් කෙනෙකුටත් මෙම ධර්ම පණිවිඩය ලැබෙන්න Share කරන්න.

මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු